Friday, June 3, 2011

මම ගැන


මම ගැන කියනවානම් මම වෘෂභ කුළයට අයිනි සතෙක්. ලංකාවෙන් නම් දැනට වඳවෙළා. හැබැයි තාම අපේ වරිගෙ කට්ටිය ඉන්දියාවෙ නම් ජීවත්වෙනවා.
ලංකාවෙ තෙතමනය සහිත තන බිම් බහුළ උස් කදුකර ප්‍රදේශ තමයි අපේ මුල් වාසස්ථාන වුනේ. දැනට අවුරැදු ලක්ෂ 5ත් 10,000 අතර කාළයේ අපේ ජනාවාස මෙහේ හොදින් පැතිරිලා තියෙනවා. ඔය ගවර විල, ගවර තැන්න වගේ ගම්වල නම් වලින් අපෙ‍් කට්ටිය එහේ හිටපු බවට සාක්කි තියෙනවා. ඔය ගවර මාන කියන්නේ අපේ හොදම කෑමක් නේ.
ඉතින් කොහොම වුනත් දැන් අපේ කට්ටිය මෙහෙ නැ. වඳ වෙන්නත් විවිධ හේතු තියෙන්න ඇති. කොහොම වුනත් මිනිස්සුත් ඒකට බොහොම සම්මාදම් වෙලා තියනවා. නමුත් මෙහෙ හිටිය අපේ කිත්තලගේ කිරි කිත්තලගේ ඇට කටු නම් ගොඩ අරන් කොළඹ කටුගේ ප්‍රදර්ශනය කොරනවා කියල දැනගන්න තියනවා. ඉතින් මගේ අදහස අපේ පරණ ගම්බිම් වල ටිකක් සංචාරය කොරල රට තොට බලගන්න ගමන් පරණ යාලු මිත්‍රයෝ මුණගැහෙන්න තමයි.
මේ ටිකේ ටිකක් ඇවිදලා වටපිට කරක් ගහල බැලුව පේන හැටියට මිනිස්සුත් කටුගෙට යන කාලේ වෙඩි ඈත නෑ වගේ.
ඉතින් යන ගමන් විවේකයක් හම්බු උනම විස්තර ටික ටික ලියන්නම් කෝ.